Latest News

ඔස්ට්‍රේලියාවෙන්, තවත් රටවල් දෙකකට මානුෂීය වීසා

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීන සහ ඊශ්‍රායල ජාතිකයන් දහසකට පමණ ඔස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා ලබාදී තිබෙනවා.

හමාස් ඊශ්‍රායල ගැටුමෙන් පීඩාවට පත් දෙරටේ පුරවැසියන්ට 2024 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මෙම අවස්ථාව ලබාදී ඇති බවයි ඔස්ට්‍රේලියාව නිවේදනය කළේ.

ඔවුන්ට ඔස්ට්‍රේලියාව තුළ රැකියාවල නියුත්වීමේ අයිතිය ඇතුළු සමාජ ප්‍රතිලාභ කිහිපයක් ලබාදී ඇති නමුත් ස්ථිර ආරක්ෂාව සඳහා ඉල්ලුම් කිරීමට ඉඩනොදෙන බවයි බලධාරීන් පවසන්නේ.

ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වාදෙන්නේ පුද්ගලයින් 210 කට අධික පිරිසකට 449 sub class වීසා බලපත්‍රත් තවත් 66 දෙනෙකුට sub class වීසා 786 ක බලපත්‍ර ලබා දුන් බවයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් කියාසිටින්නේ මෙය යුක්ක්‍රේන ජාතිකයන්ට ලබාදුන් මානුෂීය වීසා බලපත්‍රය හා සමාන බවයි.

යුක්‍රේන ජාතිකයන් මේ වනවිට ස්ථිර වීසා ලබාගැනීමට උත්සහ කරමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

World News

Send your contact Details Today