Latest News

ට්‍රම්ප් විසින් විධායක නියෝග 100කට අත්සන් තබයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු කැපිටල් කෝලහාලයට සම්බන්ධ කැරලිකරුවන් 1,600 කට සමාව ලබා දී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම ඊයේ (20) රාත්‍රියේ සිදුවුණා.

දිවුරුම් දීමෙන් පසු විධායක නියෝග 100කට අත්සන් තැබීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

ඒ ඕවල් කාර්යාලයේ සිටයි.

මේ අනුව 2021 වසරේ ජනවාරි 6 වන දා කැපිටල් කෝලාහලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 1,600 කට ආසන්න ප්‍රමාණයකට සමාව ලබා දීමට ජනාධිපතිවරයා නියෝග නිකුත් කර තිබෙනවා.

පැය කිහිපයක් ඇතුළත ඔවුන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් කෝලාහල අවස්ථාවේ ඩිමොක්‍රටික් සභාවේ කථානායකවරිය ලෙස කටයුතු කළ නැන්සි පෙලෝසි මෙම සමාව දීම හඳුන්වා ඇත්තේ අපහාසයක් ලෙසයි.

මේ අතර ඇමරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වන බව ට්‍රම්ප් සිය සමාරම්භක දේශනයේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සාමය ඇති කරන්නෙකු හා එක්සත් බව ඇති කරන්නෙකු වනු ඇති බව ද ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.

World News

Send your contact Details Today