Latest News

චීනයේ Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන මෙහෙයුම සාර්ථක වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සිදු කෙරෙන බව දැනුම් දී තිබෙනවා.

Cai Xuzhe, Song Lingdong, Wang Haoze යන ගගනගාමීන් තාක්ෂණික උපකරණ සහායෙන් ගොඩබිමේ සිටින විද්‍යා හා තාක්ෂණ කාර්ය මණ්ඩලය සමග සාමූහික ව එම මෙහෙයුම් සම්පූර්ණ කළ බවයි වාර්තා වන්නේ.

පැය අට හමාරක පමණ කාලයක් පුරා මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආශ්‍රිතව අදාළ පහසුකම් පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති‍ කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ලබන 29 වැනි දා යෙදෙන චීනයේ සාම්ප්‍රදායික නව වසර සැමරීම ද මෙම ගගනගාමීන් අභ්‍යවකාශ යානයේ සිට සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today