Latest News

සර්බියානු විශ්‍රාමික නිවාසයක ගින්නක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ පිහිටා තිබෙන වැඩිහිටි සාත්තු නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සර්බියානු රාජ්‍ය රූපවාහිනීය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අලුයම 3.30 ට පමණ මෙම ගින්න ආරම්භ වී ඇති අතර එම අවස්ථාවේ නිවසේ පුද්ගලයින් 30 දෙනෙකු සිටි බව සඳහන්.

රජයේ හදිසි අවස්ථා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසන්නේ,ගින්න ඉක්මනින් නිවා දැමූ බවයි.

තුවාල ලැබූ සියලු දෙනා බෙල්ග්‍රේඩ් හි රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර එක් කාන්තාවක් බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්.

ගින්න ඇති වූයේ මියගිය අය අතර සිටින මෙම වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවෙකුගේ ක්‍රියාකාරකමක් නිසා බව එහි නිලධාරීන් පවසා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.

World News

Send your contact Details Today