ඊයේ (19) දින සිට අමෙරිකාවේ ටික් ටොක් තහනම ක්‍රියාත්මක වීමට පෙර, Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පරිශීලකයින්ට TikTok යෙදවුමට ප්රවේශවීමේදී ‘ප්‍රවේශ විය නොහැකි බවට’ කෙටි පණිවුඩයක් පැමිණෙන බවයි.
මීට අමතරව එම පණිවුඩය තුළ TikTok නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට ඩොනලඩ් ට්‍රම්ප් තම සමාගම සමග කටයුතු කරන බවත් ට්‍රම්ප් තනතුරට පත් වන තෙක් ඉවසීමෙන් රැදී සිටින ලෙස පරිශිලකයින්ට දන්වා සිටිනවා.
මේ අතර තමා බලයට පත් වීමෙන් අනතුරුව TikTok තහනමට දින 90 ක් දක්වා සහනයක් දීමට බලාපොරොත්තු වන බව තේරී පත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ NBC පුවත් සේවය සමග දුරකථන සංවාදයකට එක් වෙමින්.
ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවාදයේදී පවසා ඇත්තේ තමා එම සහනය ලබා දීම පිළිබඳ නිශ්චිත තීරණය අද (20) දින නිවේදනය කරන බවයි.
ඒ අනුව අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව යළි අමෙරිකාවේ සක්‍රීය වන TikTok ගිණුම් සංඛ්‍යාව මිලියන 170ක්.
අමෙරිකා එක්සත් ජනපදයේ TikTok තහනම ඊයේ (19) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් එම තහනම ක්‍රියාත්මක වීමට පෙර, ඊයේ (19) දිනයේ Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව පරිශීලකයින්ට TikTok යෙදවුමට පිවිසීමට උත්සහ කිරීමේදී ඊට ‘ප්‍රවේශ විය නොහැකි බවට’ ඊයේ දිනයේ කෙටි පණිවුඩයක් පෙන්නුම් කර තිබෙනවා.
මෙම තහනම බලාත්මක කරන්නේ කෙසේද යන්න අවිනිශ්චිතව පවතින පසුබිමක ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය බලාත්මක කිරීම ට්‍රම්ප් පරිපාලනයට භාර දෙන බවයි.
තමා බලයට පත් වීමෙන් අනතුරුව TikTok තහනමට දින 90ක් දක්වා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව, පසුගියදා NBC පුවත් සේවය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් නව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු ධූරයේ වැඩභාරගන්නා අද (20) දිනයේ අමෙරිකාව තුළ මෙලෙස TikTok යෙදවුම යළි සක්‍රීය කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා.
අමෙරිකාවට බලපාන ජාතික ආරක්ෂක හේතූන් මත TikTok යෙදවුම එරට තුළ තහනම් කිරීමට තීරණය කෙරුණු අතර අවසානයේදී එය තහනම් කිරීමට අධිකරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.