කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ එම තනතුර වෙනුවෙන් ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් තරඟ කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනේඩියානු දේශපාලනඥයෙක් සහ මාධ්‍යවේදිනියක්වන ඇය මේ වන විට 57වන වියේ පසුවනවා.
ඇන්ගස් රීඩ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් ඉදිරි මැතිවරණයකදී ලිබරල් පක්ෂයට වඩාත්ම ආකර්ෂණිය නායකයා වශයෙන් ෆ්‍රීලන්ඩ් හඳුනාගෙන ඇති තර ඇය මීළඟ ලිබරල් නායකයා හා මීළඟ අගමැති වීම අපේක්ෂා කරන අතර ඇය ටෲඩෝ ගේ ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරිය හා උප අගමැතිනිය වනවා.
පක්ෂය නායකත්ව තරඟයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන මාර්තු 9 වන දින ෆ්‍රීලන්ඩ් ජයග්‍රහණය කළහොත්, ඇය ජීන් ක්‍රේටියන්ට පසුව නියෝජ්‍ය තනතුරේ සිට අගමැති දක්වා මාරු වූ දෙවන කැනේඩියානු ජාතිකයා වනු ඇති අතර ඇය කැනේඩියානු ඉතිහාසයේ දෙවැනි අගමැතිනිය ද වනු ඇති.