නේපාලය තුළ කොටින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට අගමැති කේ.පී. ෂර්මා ඔලි පවසනවා.
දශකයක් තුළ කොටි ගහණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඉතිරිය විදෙස් රටවලට ත්‍යාග ලෙස ලබාදීමටයි ඔහු යෝජනා කරන්නේ.
නේපාල අගමැතිවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙතරම් කුඩා රටක කොටින් 350 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි.
ඔවුන්ට මිනිසුන් අනුභව කිරීමට ඉඩදිය නොහැකි බව ඔහු පවසා තිබෙනවා.
නේපාල අගමැතිවරයා තවදුරටත් යෝජනා කරන්නේ කොටින් 150 ක් පමණ ප්‍රමාණවත් බවත් ඉතිරි සතුන් විදේශ රටවලට ත්‍යාග ලෙස ලබාදිය හැකි බවයි.
නේපාල රජයේ දත්තවලට අනුව 2019 සහ 2023 අතර කාලය තුළ කොටි ප්‍රහාරවලින් 40 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාව 15 ක්.
එහෙත් ග්‍රාමීය ජනතාව පවසන්නේ මෙම සංඛ්‍යාව මීට වඩා ඉතා ඉහළ බවයි.