Latest News

ලැව් ගිනි මැද, ඔස්කාර් සම්මාන රාත්‍රිය ගැන මේ වසරේ වෙනස් කතාවක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොවක් බලාසිටින සම්මාන රාත්‍රියක් වන ඔස්කාර් සම්මාන රාත්‍රිය ගැන මේ වසරේ වෙනස් කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ලොස් ඇන්ජලිස් හි ලැව් ගිනි හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත 97 වැනි ඔස්කාර් සම්මාන උළලේ නාම යෝජනා ප්‍රකාශයට පත්කිරීම දෙවැනි වරටත් කල් දමා තිබෙනවා.

මෝෂන් පික්චර් ඇකඩමිය විසින් පසුගිය දිනෙක මේ බව නිවේදනය කර තිබුණා.

ඒ අනුව මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව වූ නාම යෝජනා ප්‍රකාශයට පත්කිරිම තවත් දින 4කින් එනම් මේ මස 23 වැනිදා දක්වා කල් දමා ඇති බව සඳහන්.

ඒ අනුව, ජනවාරි 23 බ්‍රහස්පතින්දා සවස 5:30 ට එය ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළකරනවා.

කෙසේ වෙතත් ඔස්කාර් සම්මාන උළෙල නියමිත පරිදි මාර්තු 3 වැනිදා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි එහි සංවිධායකයින් පවසන්නේ.

World News

Send your contact Details Today