Latest News

ක්‍රිකට් ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් සමඟ ඡායාරූපයක් ගන්න ගිය රසිකයාට හෑන්ඩ්බ්‍රේක් අමතක වෙයි (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර 19 හැවිරිදි සෑම් කොන්ස්ටාස් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දීය ක්‍රීඩකයන් ඔහුව ඉලක්ක කර ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීම සහ ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයන් නිසායි.

දැන් සෑම් කොන්ස්ටාස් නැවත මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරන රසිකයෙක්ගේ වාහනයක් අනතුරට පත්වීම හේතුවෙන්.

ඊට අදාළ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වනවා.

‘හෙරල්ඩ් සන් ස්පෝර්ට්’ විසින් නිකුත් කරන ලද වීඩියෝවේ දැක්වෙන්නේ, රසිකයා තම වාහනයෙන් බැස 19 හැවිරිදි තරුණයා දෙසට දිව යන ආකාරයයි.

එහෙත් රසිකයා වාහනය නවතා යන්නේ හෑන්ඩ්බ්‍රේක් නොදමායි.

ඔහු කොන්ස්ටාස් වෙත දිවයන අතරතුර වාහනය සෙමින් ඉදිරියට ඇදීගොස් ඉදිරියෙන් නවතා ඇති වාහනයේ ගැටෙනු දක්නට ලැබෙනවා.

හිමිකරු මෝටර් රථය දෙසට දිව ගිය නමුත් ඔහුට එය නවතා ගැනීමට නොහැකි වනවා.

අවසානයේ රසිකයාට සිදුවන්නේ කොන්ස්ටාස් සමග ඡායාරුපය ලබාගැනීම වෙනුවට හිසේ අත ගසාගැනීමටයි.

අදාළ වීඩියෝව පහතින්…

World News

Send your contact Details Today