Latest News

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලා තිබෙනවා.

දකුණු කොරියාව පැවසුවේ මිසයිල මුහුදට පතිත වීමට පෙර කිලෝමීටර් 250ක දුරක් ගමන් කළ බවයි.

එරට වේලාවෙන් උදැසන 9:30 ට මෙම අත්හදා බැලීම සිදුව තිබෙනවා.

උතුරු කොරියාවේ ජංග් පළාතෙන් මෙම මිසයිල නිකුත් කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් දකුණු කොරියා වැඩබලන ජනාධිපති චෝයි සංග් මොක් කියා සිටියේ උතුරු කොරියාවේ මෙම දියත් කිරීම සම්බන්ධයෙන් තම රට දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බවයි.

මෙය මේ වසරේ මෙතෙක් සිදු කරන ලද දෙවැනි අත්හදා බැලීමයි.

උතුරු කොරියාව පවසන්නේ මෙය පැසිෆික් සාගරයේ දුරස්ථ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නිර්මාණය කරන ලද නව හයිපර්සොනික් මිසයිලයක් බවයි.

World News

Send your contact Details Today