Latest News

පාකිස්තානයේ අතුරුදන්වූවන්ගේ පැමිණිලි ගොඩගැසෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසර 2024 තුළදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 379ක් ලැබී තිබෙන බව පාකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන කොමිසම නිවේදනය කරනවා.

වසර 2011 දී ස්ථාපිත කරනු ලැබූ එම කොමිසමට අනුව පසුගිය වසරේදී එවැනි අතුරුදන් කිරීම් 427ක් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි ද පාකිස්තාන් ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් විට එරට බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන කොමිසමට පැමිණිලි 10,467ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 8,216ක් විමර්ශන කර අවසන් බවයි පාකිස්තාන් ටුඩේ පුවත් සේවය සඳහන් කළේ.

එම විමර්ශන තුළින් අතුරුදන්වූ පුද්ගලයන් 6,599 දෙනකු සොයා ගැනීමට හැකිවී ඇතැයි ද, තවත් පැමිණිලි 1,617ක් වසා දැමීමට තීරණය කර ඇතැයි ද වාර්තා වනවා.

එමෙන්ම තවත් පැමිණිලි 2,251ක් මෙතෙක් අවසන් කිරීමට නොහැකිව ඉතිරිව ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today