Latest News

ඉන්දියාවේ තිරුපති කෝවිලේ තෙරපීමකින් හය දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ධනවත්ම දේවාලයක් වන තිරුපති කෝවිලේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුව තිබෙනවා.

කෝවිලේ පැවැත්වෙන විශේෂ උත්සවයක ටිකට්පත් විකිණීමක් අතරතුර මෙම සිද්ධිය වාර්තා වී ඇති බව සඳහන්.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුපති කෝවිලට, ඊයේ (08) රාත්‍රියේ ටිකට් පත් ලබා ගැනීම සඳහා විශාල වශයෙන් පිරිස රැස්වී තිබෙනවා.

දේවාල බලධාරීන් විසින් සකස් කරන ලද කවුන්ටරවල ටිකට්පත් බෙදා හරින අතරතුර ජනතාව පොරකෑමට පටන් ගෙන ඇති අතර, එහිදීයි මෙම තෙරෙපීම සිදුව ඇත්තේ.

නමුත් මෙලෙස දේවාලයට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත්වීම නිසා තිරුපති දේවාලය ජනතාවගෙන සමාව අයැද තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ඛේදවාචකයට වගකිව යුතු දේවාල සේවකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්‍රාන්ත නිලධාරීන් පවසා තිබෙනවා.

World News

Send your contact Details Today