Latest News

ලොස් ඇන්ජලිස්හි ලැව්ගින්න පාලනයට වතුර මදි වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබෙනවා.

ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව හදිසි ආපදාවකදී භාවිත කිරිමට ඔවුන් රැස්කර තිබූ ජලය අවසන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එක් ප්‍රදේශයක පමණක් ලැව්ගින්න පාලනයට ජල ගැලුම් මිලියන 01 ක් මේ වන විටත් භාවිත කර ඇති බවයි ලොස් ඇන්ජලීස්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ.

අධික ඉල්ලුම මධ්‍යයේ වුවද කඩිනමින් ගින්න නිවීමට අවශ්‍ය ජලය සොයාගත් බවද ඔවුන් පවසා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරීම ලැව්ගින්න ලෙස සැලකෙන මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ලක්ෂ 15කට වැඩි පිරිසකට විදුලිබල පහසුකම් අහිමි වී තිබෙනවා.

විනාශ වී ඇති භූමි අක්කර ප්‍රමාණය 26,000ක්.

පුද්ගල මරණ 05ක් ද මේ වන විට වාර්තා වී තිබෙන අතර සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති පිරිස ලක්ෂයකට අධිකයි.

කෙසේවෙතත් මේ වන විට ගින්න දරුණු ලෙස පැතිර යාම පාලනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

World News

Send your contact Details Today