Latest News

අතරමං වූ කඳු නගින්නෙකු දින 13කට පසුව සොයා ගැනේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සති දෙකකට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටි කඳු නගින්නෙකු සොයාගෙන තිබෙනවා.

වෛද්‍ය ශිෂ්‍යයෙක් වන හඩි නසාරි නම් මොහු පසුගිය දෙසැම්බර් 26 වනදා ස්නෝවි කඳුකර කලාපයේ කොස්කියුස්කෝ ජාතික වනෝද්‍යානයේ තම මිතුරන් සමඟ මෙම කන්ද තරණය එක්ව ඇති අතර, ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේදීයි අතුරුදහන් වී ඇත්තේ.

ඉන් පසුව නසාරිගේ මිතුරන් සහ පවුලේ අය ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් 23 හැවිරිදි තරුණයා සොයා ගැනීමේ සෙවුම් කටයුතුවලට එක්ව තිබුණා.

කෙසේවෙතත් ඊයේ (08) දේශීය වේලාවෙන් 15:15 ට පමණ වෙනත් කඳු නගින්නන් පිරිසකට ඔහුව හමුව ඇති බව සඳහන්.

පසුගිය දින 13 පුරා ඔහු තමන් සතුව තිබූ Muesli Bars දෙකක් සහ බෙරි වර්ගයක් ආහාරයට ගත් බවයි හඩි නසාරි පවසා ඇත්තේ.

කඳු නගින්නන් හදිසි සේවා ඇමතීමෙන් පසු, පරිපූරක වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර හෙලිකොප්ටරයක් ආධාරයෙන් රෝහල්ගත කර ඇති බව සඳහන්.

මේ වන විට ප්‍රතිකාර ලබන හඩි නසාරි හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, ඔහුට සැලකිය යුතු තුවාල කිසිවක් නොමැති බවත් රෝහල් නිලධාරීන් පවසා තිබෙනවා.

World News

Send your contact Details Today