Latest News

උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියාව හයිපර්සොනික් වර්ගයේ අති ප්‍රබල අන්තර් මධ්‍ය දුර දිග බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සිය රාජ්‍යයට එල්ලවන ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීමට බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.

උතුරු කොරියානු නායක කිම් ජොං උන්, මිසයිල මෙහෙයුම් අංශයේ ප්‍රධානී ජෙනරාල් ජැං චැං හා සහ එම මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් නව මිසයිල අත්හදා බැලීමේ අවස්ථාවට එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

නව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථක අතර පැසිෆික් කලාපයේ සිය සතුරන්ගෙන් එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණදීම සඳහා හමුදාව ශක්තිමත් කිරීමට එම අත්හදා බැලීම ඉවහල් වූ බවයි උතුරු කොරියාව නිවේදනය කර ඇත්තේ.

උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීම සිදු කළ අවස්ථාවේදී දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් එම මිසයිල අත්හදා බැලීම හෙළා දැක ඇති බවද වාර්තා වනවා.

World News

Send your contact Details Today