Latest News

වසර 2027දී සඳ ජයගැනීමට, ඉන්දියාවෙන් කෝටි 375ක මෙහෙයුමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තවත් වසර දෙකකින් ගුවන්ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් – 4 යානය අභ්‍යවකාශයේ රඳවා තැබීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පසුගියදා අන්ද්‍රා ප්‍රාන්තයෙන් ගුවන්ගත කළ යානා ද්විත්වය හෙට අභ්‍යවකාශයේ ස්ථානගත කිරීම සිදුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අභ්‍යවකාශයේ ස්ථානගත වන එම යානා ද්විත්වය වසර 2027දී ගුවන්ගත කරන මොඩියුලර් 5කින් සමන්විත චන්ද්‍රයාන් – 4 යානයේ මොඩියුලර් දෙකක් පෘථිවිය වටා කක්ෂගත කරමින් සඳ මතුපිටින් පස් සාම්පල් රැගෙන ඒම සඳහා එහි ලෑන්ඩරය මුදා හරිනු ඇති බවත්, තවත් මොඩියුලර් දෙකක් සඳ වටා කක්ෂගත වෙමින් සඳ මතුපිටින් පස් සාම්පල රැගෙන ඒම සඳහා මුදා හරින ලෑන්ඩරයට සහාය වනු ඇති බවත් සඳහන්.

ඒ අනුව අමෙරිකාව, රුසියාව සහ චීනයට පසුව පෘථිවි කක්ෂයේ එවැනි යානා ස්ථාපිත කරන සිව්වැනි රට බවට ද ඉන්දියාව පත්වනු ඇති.

එම ගවේෂණාත්මක මෙහෙයුම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය එරට මුදලින් රුපියල් කෝටි 375ක් වැය කර ඇති අතර, මිනිසුන් රහිත එම යානා ද්විත්වය අභ්‍යවකාශයේ ස්ථානගත කිරීමෙන් ඉදිරියේදී ඉන්දීය ගගනගාමීන් සහ උපකරණ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යෑම ද පහසු වනු ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති එස්. සෝමනාත් ප්‍රකාශ කරනවා.

World News

Send your contact Details Today