Latest News

නේපාලයට ප්‍රබල භූ කම්පනයක් – ඉන්දියාවටත් දැනෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් සටහන්ව තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 06ක්ද සිදුව තිබෙනවා.

මෙම කම්පනය බිහාර් සහ ඇසෑම් ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකටද දැනී තිබුණා.

එම ප්‍රදේශවල ජනතාව මෙම කම්පනයත් සමග සිය නිවාසවලින් පිටතට පැමිණ තිබෙනවා.

නේපාලය පිහිටා ඇත්තේ භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී කලාපයකයි.

ඒ අනුව ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි එකිනෙක ගැටීම හේතුවෙන් නිරන්තරයෙන් මෙලෙස භූ කම්පන සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

මෙම භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 53 දෙනෙක් මියගොස් තිබෙන බවට තහවුරු කරගෙන තිබෙනවා.

World News

Send your contact Details Today