Latest News

වික්ටෝරියා නිවසක තිබූ දුර්ලභ Barbie Doll එකතුවක් අතුරුදහන්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසක තිබූ දුර්ලභ Barbie Doll එකතුවක් සොරකම් කර තිබෙනවා.

බෝනික්කන් 150 ක පමණ එකතුවක් මෙලෙස සොරකම් කර ඇති අතර ඒවයේ වටිනාකම ඩොලර් 15,000 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ආසන්නයේ පිහිටි Tatura හි විලියම් වීදියේ පිහිටි නිවසක් බවයි පැවසෙන්නේ.

සිද්ධිය සිදුව ඇති අවස්ථාවේදී නිවැසියන් නිවාඩුවක් ගතකිරීම සදහා නිවසින් පිටතට ගොස් ඇතැයි සඳහන්.

මේ අතර කොල්ලකරුවන් විසින් නිවසේ තිබූ එල්විස් ප්‍රෙස්ලි සිහිවටන ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් ද සොරකම් කර තිබෙනවා.

මෙම Barbie Doll එකතුව නිවැසියන් විසින් වසර 12 ක් තිස්සේ එකතු කළ ඒවා වීම ද විශේෂත්වයක්.

සොරාගෙන තිබෙන Barbie Doll එකතුව 1970 සිට 2017 අතර කාලසීමාවට අයත් වන බවත් ඒවායෙන් බහුතරයක් අතිශයින්ම දුර්ලභ වන බවයි සැලකෙන්නේ.

මේ අතර අන්තර්ජාලය හරහා බෝනික්කන් අළෙවි කරන පුද්ගලයන් පිළිබදව විමසිල්ලෙන් පසුවන ලෙසටයි පොලීසිය එරට මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

World News

Send your contact Details Today