Latest News

අභිෂේක් – අයිශ්වර්යා ගැන කට කතා බොරු වෙයි (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් සහ නිළි අයිශ්වර්යා රායි යන දෙදෙනාම එක්ව ගුවන් තොටුපළෙන් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දීය සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ දික්කසාදය පිළිබඳ කටකතා මධ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මේ හරහා පැවති කටකතා බොරු කර තිබෙනවා.

ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා බච්චන් ද මෙම යුවළ සමඟ තිදෙනාම අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවත පැමිණෙන අයුරු දැකගත හැකියි.

තිදෙනාම පැපරාසීන්ට ඡායාරූප හා වීඩියෝ ගන්නට අවස්ථාව ලබාදුන් අතර සුබ නව වසරක් ප්‍රාර්ථනා කර තිබෙනවා.

අභිෂේක් බච්චන් මුලින්ම තම බිරිඳ සහ දියණිය මෝටර් රථයේ වාඩි කරවා පසුව ඔහුද මෝටර් රථයේ වාඩි වනු එහිදී දැකගත හැකියි.

මෙම වීඩියෝවට රසික රසිකාවියන් සිය ප්‍රතිචාර දක්වා ඇති අතර ඇතැමෙකු ලිව්වේ, ‘අවසානයේ එකට’ ලෙසයි.

“අලුත් අවුරුද්දේ හොඳ දෙයක් සිදු වෙලා වගේ”, ” ආයෙත් ප්‍රතිසංවිධානය වෙලා වගේ” ලෙසයි එහි ප්‍රතිචාර අතර දක්නට ලැබුණේ.

World News

Send your contact Details Today