Latest News

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ආන්දෝලනාත්මක තීරණයක් ගැනීමට යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වනවා.

ඇතැම් විට අග්‍රාමාත්‍යවරයා එය අද ප්‍රකාශ කරනු ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ටෘඩෝ ධූරයෙන් නික්ම යාමට සැලසුම් කරන්නේ කවදාදැයි නිශ්චිතවම නොදන්නා නමුත් බදාදා පැවැත්වීමට නියමිත ප්‍රධාන ජාතික කොකස් රැස්වීමකට පෙර එය සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කැනේඩියානු අග්‍රාමාත්‍ය කාර්යාලය ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.

ටෲඩෝ වහාම ඉවත්ව යනවාද නැතහොත් නව නායකයෙකු තෝරා ගන්නා තෙක් අගමැති ධුරයේ රැඳී සිටිනවාද යන්න තවමත් පැහැදිලි නොමැති බව ද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ඉන්දියාව සමඟ උද්ගත වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය හමුවේ අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ටෲඩෝට පාලක ලිබරල් පක්ෂයෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබුණා.

World News

Send your contact Details Today