Latest News

අමෙරිකාවෙන් ඊශ්‍රායලයට යළිත් දැවැන්ත ආයුධ තොගයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ඩොලර් බිලියන 8ක වටිනාකමකින් යුතු ආයුධ ඊශ්‍රායලයට අළෙවි කිරීමට අමෙරිකානු පරිපාලනය තීරණය කර තිබෙනවා.

එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇති මේ ආයුධ තොගයට මිසයිල, ෂෙල්, ගුවනේදීම එල්ල කළ හැකි මිසයිල ඇතුළු තවත් ආයුධ රැසක් අයත් වනවා.

අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ධුරයෙන් විශ්‍රාම යාමට දෙසතියක් පමණක් තිබියදීයී.

ගාසාහි සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාත පිරිසකට මරු කැඳවු ඊශ්‍රායල ප්‍රහාර මර්දනයට ඔවුන් වෙත ආයුධ ලබා නොදෙන ලෙස ලොව දසතින් ඉදිරිපත් වන ඉල්ලීම් නොතකා අමෙරිකාව මෙලෙස කටයුතු කිරීම විශේෂත්වයක් වනවා.

World News

Send your contact Details Today