අමරිකාවේ වොෂින්ටන් හි වෙඩි තැබීමකින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක්.
අදාළ වෙඩි තැබිම මෙම සතියේ අමරිකාව තුළ සිදු වූ තුන්වන වෙඩි තැබිම වන අතර 2013 වසරට පසුව 2024 වසර වැඩිම වෙඩි තැබිම් වාර්තා වුණ වසර ලෙසයි වාර්තා වන්නේ.
එවන් පසුබිමක අමෙරිකාවේ, ලුසියානා ප්රාන්තයේ නිව් ඕර්ලියන්ස් ට්රක් ප්රහාරය සහ එදිනම ලාස් වේගාස් හි සයිබර් ට්රක් පිපිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව FBI ආයතනය පවසනවා.