මියන්මාරයේ හමුදා රජය සිරකරුවන් 5,864 දෙනෙකු නිදහස් කරන බව එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.
නිදහස් දිනය සනිටුහන් කරමින් පොදු සමාවක් යටතේ ලැබෙන මෙම නිදහසට විදේශිකයන් 180 දෙනෙකු ද ඇතුළත්.
2021 මුල් භාගයේ සිට මියන්මාරය කැළඹිලි සහිත තත්ත්වයක පවතිනවා.
ඒ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සිවිල් රජය පෙරලා දමා හමුදාව විසින් පාලනය ලබා ගැනීමත් සමඟයි.
ඉන් පසු රට පුරා සන්නද්ධ කැරැල්ලක් ඇතිව ඇති අතර පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල ගැටුම් ඇතිවීම දක්නට ලැබුණා.
කෙසේ වෙතත් මෙම වසරේ මැතිවරණයක් පවත්වන බව ජුන්ටාව පවසා තිබෙන නමුත් මෙම සැලැස්ම විපක්ෂ කණ්ඩායම් විසින් ව්‍යාජයක් ලෙස හඳුන්වමින් හෙළා දැක තිබෙනවා.