Latest News

කැරකෙන විදුලි පංකා 57 ක්, විනාඩියක් ඇතුළත දිවෙන් නතර කළ ඉන්දියානුවෙකු ලෝක වාර්තා අතරට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිනෙන් දින අළුත් වන ලෝක වාර්තා අතුරින්, වෙනස් ම ආකාරයේ වාර්තාවක් තැබූ ඉන්දියානුවෙක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

තෙලන්ගානා ප්‍රාන්තයේ ක්‍රන්ති කුමාර් පණිකේරා (Kranthi Drillman) නම් වන මොහු, ගිනස් වාර්තා අතරට ඇතුළත්ව ඇත්තේ ක්‍රියාත්මක වෙමින් පවතින විදුලි පංකා 57ක තල සිය දිව භාවිතයෙන් විනාඩියක් ඇතුළත නවතා අද්විතීය වාර්තාවක් පිහිටුවමින්.

ඔහු අදාළ වාර්තාව තබන වීඩියෝව, අන්තර්ජාලයේ කරළියට පැමිණ ඇත්තේ මෑතකදී වුවත් ඩ්‍රිල්මන් මෙම වාර්තාව තබා තිබුණේ ගෙවුණු වසරේ (2024) පෙබරවාරි 2 වැනිදායි.

ඒ, ඉතාලියේ මිලානෝ හි Lo Show Dei Record හි රූගත කිරීම් අතරතුර දී බව සඳහන්.

ඩ්‍රිල්මන්ගේ මෙම අසාමාන්‍ය වාර්තාව බොහෝදෙනාගේ විස්මයටත්, ආශ්වාදයටත් හේතු වී ඇති නමුත් ඇතැම් පිරිසක් එය විවේචනය කර තිබුණේ ‘මනුෂ්‍යත්වයට වටිනාකමක් නොදෙන්නෙක්’ ලෙස ඔහුව හුවා දක්වමින්.

මීට අමතරව ක්‍රන්ති කුමාර් India’s Got Talent, Zee Talent Show, India Ka Mast Kalandar සහ Big Celebrity Challenge ඇතුළු විවිධ වේදිකාවන්හි සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙනවා.

එමෙන්ම ඔහු America’s Got Talent සහ Tengo Talento Mucho Talento වැනි ජාත්‍යන්තර වේදිකාවන්හි ද වඩාත් කතාබහට ලක්වූවෙක් වනවා.

World News

Send your contact Details Today