Latest News

දැවැන්ත ආකාශ වස්තුවක කැබැල්ලක් කෙන්යාවේ ගම්මානයකට කඩා වැටේ (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දැවැන්ත ආකාශ වස්තුවක කැබැල්ලක් කෙන්යාවේ ගම්මානයකට කඩා වැදී තිබෙනවා.

විශාල රතු උණුසුම් වස්තුවක් කෙන්යාවේ ගම්මානයකට අහසින් වැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ පිළිබඳ පරික්ෂණයක් සිදු කළ එරට ජාතික අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය අභ්‍යවකාශ වස්තුවක කැබැල්ලක් බවයි.

මීටර් දෙක හමාරක් පළල මෙම වස්තුව කිලෝග්‍රෑම් 500 ක බරකින් යුක්ත වනවා.

ආසන්න වශයෙන් මීටර් දෙක හමාරක විශ්කම්භයක් සහිත එය ලෝහමය වළල්ලක් ලෙසටයි දිස් වන්නේ.

රොකට්ටුවකින් වෙන් වූ වළල්ලක් විය හැකි බවට විශ්වාස කළ ද අභ්‍යවකාශ සුන්බුන් සාගරයට වැටීම හෝ පෘථිවි වායු ගෝලයට ඇතුළුවීමට පෙර දැවී යායුතු වනවා.

ඒ අනුව මෙම අභ්‍යවකාශ වස්තුව පිළිබඳ තවදුරටත් පරික්ෂණ පැවැත්වෙන බවයි කෙන්යා විද්‍යාඥයන් පවසන්නේ.

World News

Send your contact Details Today