Latest News

හැරී කුමරුගේ බිරිඳ මේගන්, නව වසරේදී අලුත් වැඩක (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සසෙක්ස් හි ආදිපාදවරිය මේගන්, Netflix හි සිය නව වැඩසටහන වන “With Love, Meghan” පිළිබඳව තොරතුරු බෙදාගෙන තිබුණා.

‘ජීවන රටා’ වැඩසටහන් යටතට ගැනෙන එය ජනවාරි 15 ​​වනදා සිට විකාශය වීමට නියමිතයි.

මිනිත්තු 30 ක කථාංග අටක් ඇතුළත් එහි, නිළි Mindy Kaling සහ Abigail Spencer වැනි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ද සහභාගීත්වයක් දක්නට ලැබෙනවා.

ඊයේ (02) නිකුත් කරන ලද කෙටි වීඩියෝවෙහි, මේගන් ඇගේ සැමියා හැරී කුමරු සහ දරුවන් දෙදෙනා සමඟ ජීවත් වන කැලිෆෝනියාවේ සුන්දරත්වය මනාව ඉස්මතු කර තිබීම ද විශේෂයි.

එම වීඩියෝව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකරමින් ඇය සටහන් කර තිබුණේ, මෙම ආශ්වාදය හැමෝමත් සමඟ බෙදා ගැනීමට තමන් මහත් ආසාවෙන් පසුවුණු බවයි.

2018 දී හැරී කුමරු සමඟ විවාහ වීමට පෙර මේගන්, සුප්‍රකට නිළියක්.

යුවළ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ තනතුරුවලින් ඉවත් වී කැලිෆෝනියාව බලා ගියේ, 2020 වසරේදී යි.

එතැන් පටන් මෙම යුවළ නිෂ්පාදන සමාගමක් සහ පුණ්‍යාධාර පදනමක් ආරම්භ කර ඇති අතර, ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳව හැරී සහ මේගන් නමින් හැඳින්වෙන තවත් Netflix වැඩසටහනක් ඇතුළුව විවිධ කටයුතුවල නියැලෙමින් සිටිනවා.

අප්‍රේල් මාසයේදී, ඔවුන් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ ඉවුම් පිහුම්, ගෙවතු වගාව සහ විනෝදාස්වාදය රැගත් වැඩසටහනක නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින බවයි.

එය, “With Love, Meghan” මැයෙන් මෙලෙස ප්‍රසිද්ධ කළ වැඩසටහන වනු ඇති.

World News

Send your contact Details Today