Latest News

කැලිෆෝනියාවේ ගුවන් අනතුරකින් දෙදෙනෙක් මියයයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුඩා ගුවන් යානයක් කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දකුණු කැලිෆෝනියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ගොඩනැගිල්ලකට මෙම ගුවන් යානය කඩා වැටී තිබෙනවා.

ඒ කෙසේද යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා.

මිය ගිය දෙදෙනා එහි සේවකයන්ද නැතහොත් යානයේ සිටි අයද යන්න පිළිබඳ මෙතෙක් හෙළිව නැහැ.

මෙම ගුවන් අනතුරින් තුවාල ලබා ඇති වැඩි දෙනා කම්හල් සේවකයින් බවයි පැවසෙන්නේ.

යානය කඩාවැටී ඇත්තේ ඩිස්නිලන්තයේ සිට සැතපුම් 6ක් දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශයකටයි.

World News

Send your contact Details Today