Latest News

සිගරට් එකක් පානය කිරීමෙන් ආයු කාලය විනාඩි 20ක් අඩුවෙන බවට නවතම වාර්තාවක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුම් පානය කරන සෑම සිගරට්ටුවකින්ම සාමාන්‍යයෙන් පුද්ගල ආයු අපේක්ෂා මිනිත්තු 20ක් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ අධ්‍යනයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ආයු කාලය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙනස් වන අතර පිරිමින් සඳහා මිනිත්තු 17 ක් සහ කාන්තාවන් සඳහා මිනිත්තු 22 ක් පමණ වන බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

දිනකට දුම්වැටි 20ක පැකට්ටුවක් බොන පුද්ගලයෙක්ට අවම වශයෙන් පැය 4ක පමණ ජීවිත කාලයක් අහිමි වන බවයි වාර්තා වන්නේ.

අදාළ පර්යේෂණ කණ්ඩායමේ මධ්‍යසාර හා සම්බන්ධ ප්‍රධාන පර්යේෂක ආචාර්ය සාරා ජැක්සන් පවසන්නේ මෙයින් පුද්ගලයින්ට තම සමීපතමයින් සමඟ සිටීමට ඇති කාලය අහිමි වන බවයි.

නව වසරේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මේ පුවත වඩාත් වැදගත් වන අතර දුර්වල සෞඛ්‍ය කෙරෙහි දුම්පානය සෘජුව බලපාන ආකාරයද එහිදි අනාවරණය කර තිබුණා.

World News

Send your contact Details Today