Latest News

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අල් කූඩ්ස් ටුඩේ රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදීන් පස්දෙනෙකුයි මෙලෙස මිය ගොස් තිබෙන්නේ.

ඔවුන් වාහනයක සිටියදී ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

අල් කුඩ්ස් ටුටේ රූපවාහිනි නාලිකාව පවසන්නේ සිය මාධ්‍ය හා මානුෂිය රාජකාරී ඉටුකරමින් සිටියදී මෙම මාධ්‍යවේදීන් පස්දෙනා ඝාතනයට ලක්වු බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරය පදනම් කර ගත් මෙම රූපවාහිනි නාලිකාව පලස්තීන, ඉස්ලාමිය , ජිහාඩ් සටන්කාමී කණ්ඩායමට අනුබද්ධ එකක් බවයි.

ඒ අනුව මිය ගිය අය මාධ්‍යවේදින් නොවන බවට ඔවුන් තර්ක කරනවා.

වාහනයෙහි විශාල අකුරෙන් ටී වී සහ ප්‍රේස් යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ මෙම වාහනය ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු සම්පුර්ණයෙන්ම ගිනිදැල් වලින් වැසී ඇති ආකාරය ජාත්‍යන්ත මාධ්‍ය වාර්තා කළා.

World News

Send your contact Details Today