Latest News

මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 45 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ සැකකරු හෝටලයක් තුළට පැමිණ වෙඩි තබා පළාගොස් තවත් ස්ථාන තුනකදී වෙඩි තැබීම් සිදු කොට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා.

අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වී තිබෙනවා.

මීට පෙර ඔහු නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබූ අයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එරට ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

World News

Send your contact Details Today