Latest News

ඇෆ්ගන් කාන්තාවන්ට ජනේලයෙන් එබෙන එක තහනම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නිවාසවල සහ වෙනත් ගොඩනැගිලිවල කවුළුවලින් පිටත බැලීම තහනම් කර තිබෙනවා.

ඒ එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානයේ නායකත්වය නිකුත් කළ නවතම නියෝගයක් අනුවයි.

තලේබාන් රජයේ ප්‍රකාශක සහිබුල්ලා මුජාහිඩ් විසින් X සමාජ මාධ්‍ය වේදිකාවේ පළකරන ලද එම නියෝගයට අනුව, අසභ්‍ය ක්‍රියාවන්ට තුඩුදිය හැකි සිදුවීම් වැළැක්වීම සඳහා මෙම නව නියෝගය පනවා තිබෙනවා.

කාන්තාවන් ජීවත් වන ස්ථාන දැකීම එනම් මුළුතැන්ගෙය, නාන කාමරයේ දොර, වැසිකිලි දොර ආදී ස්ථාන දැකීම භයානක බව ද එහි සඳහන්.

ඒ අනුව, තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා, ඇෆ්ගනිස්ථාන කාන්තාවන් භාවිත කරන නේවාසික ගොඩනැගිලිවල ජනේල ඉදිකිරීම තහනම් කරමින් සහ පවතින ඒවා අවහිර කළ යුතු බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තලේබාන් රජයේ ප්‍රකාශක විසින් නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, නව ගොඩනැගිලිවල “මුළුතැන්ගෙය, නාන කාමරය සහ සාමාන්‍යයෙන් කාන්තාවන් භාවිත කරන වෙනත් ස්ථාන” දැකීමට හැකි ජනේල නොතිබිය යුතු වනවා.

නාගරික බලධාරීන් සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු, කාන්තාවන්ට අසල්වැසියන්ගේ නිවාස දැකීමට නොහැකි වීම සහතික කිරීම සඳහා ඉදිකිරීම් ස්ථාන නිරීක්ෂණය කිරීමට සිදුවනු ඇති.

එවැනි ජනේල පවතින අවස්ථාවක, “අසල්වාසීන්ට සිදුවන කරදර වළක්වා ගැනීම සඳහා” බිත්තියක් ඉදිකිරීමට හෝ දර්ශනයට බාධා කිරීමට අයිතිකරුවන් දිරිමත් කරනු ලබනවා.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සඳහා රැකියා ලබාදෙන සියලුම ජාතික සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වසාදමන බව තලේබාන් සංවිධානය පවසනවා.

මෙම නව නීතිය පනවා ඇත්තේ ඉස්ලාමීය හිස් වැසුම නිවැරදිව නොපළඳින ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ රැකියා අත්හිටුවන ලෙස තලේබාන් රජය රාජ්‍ය නොවන සංවිධානවලට පවසා වසර දෙකකට පසුවයි.

නව නීතිය ප්‍රකාශයට පත්කරමින් තලේබාන් පාලනයේ ආර්ථික අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ, නවතම නියෝගයට අනුකූල වීමට අපොහොසත් වීම රාජ්‍ය නොවන සංවිධානවලට ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වීමට ඇති බලපත්‍රය අහිමි වීමට හේතු වනු ඇති බවයි.

World News

Send your contact Details Today