Latest News

රුසියානු – යුක්‍රේන යුද සිරකරු හුවමාරුවක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සහ යුක්‍රේනය යුද සිරකරුවන් 300 කට අධික සංඛ්‍යාවක් හුවමාරු කර ගෙන තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මෙම සිරකරු හුවමාරුවට මැදිහත් වීම සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තමන් යුක්‍රේන සිරකරුවන් 150 දෙනෙකු හුවමාරු කර ගත් බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කර තිබුණා.

එසේම යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, යුක්‍රේනියානුවන් 189 දෙනෙකු ආපසු සිය රටට පැමිණි බවයි.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ දත්ත පරස්පර විරෝධී වන අතර, කිසිඳු ස්වාධීන පාර්ශ්වයක් මේ වන තෙක් විස්තර ලබා දී නොමැති බව ද සදහන්.

හුවමාරුව සඳහා සාකච්ඡා කිරීමට උදව් කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිවන්ත වන බැවින්, 2022 දී දකුණු වරාය නගරයක් වන මරියුපෝල් හිදී අල්ලා ගන්නා ලද සිවිල් වැසියන් දෙදෙනෙකු මෙම හුවමාරුවට ඇතුළත් වූ බව, යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියා.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ, නිදහස් කරන ලද යුද හමුදා සාමාජිකයින්ට නිවස බලා යාමට පෙර මොස්කව්හි ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන අසල්වැසි බෙලරුස්හි දී මානසික සහ වෛද්‍ය ආධාර ලබා දුන් බවයි.

2022 පෙබරවාරි මස යුද්ධය ආරම්භ වූ දා සිට විවිධ සිරකරුවන් හුවමාරු කිරීම් 60 ක් සිදු වී තිබෙනවා.

අවසන් හුවමාරුව සිදු වූයේ ඔක්තෝබර් මැද භාගයේ දී, දෙරට හමුදාවන් සෙබළුන් 95 බැගින් හුවමාරු කර ගත් අවස්ථාවේදීයී.

යුක්‍රේනය සඳුදා ප්‍රකාශ කළේ, ගැටුම ආරම්භයේ සිටම රුසියාව විසින් යුක්‍රේනය සමග ගනුදෙනුවලදී – සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 3,956 දෙනෙකු නිදහස් කර ඇති බවයි.

ඉතිරි සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා දිගටම කටයුතු කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

World News

Send your contact Details Today