Latest News

සුප්‍රකට ගායක Liam Payneගේ මරණය සම්බන්ධයෙන් 5 දෙනෙකුට චෝදනා

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහත් ආන්දෝලනයට තුඩුදුන්, හිටපු One Direction ගායක Liam Payneගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවට එරට නීතිපති කාර්යාලය ඊයේ (30) ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

31 හැවිරිදි පේන්, ඔක්තෝබර් 16 වන දින මරණයට පත්වූයේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන්.

විදෙස් වාර්තාවන්ට අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ නියෝජිතයා ලෙස හඳුනාගත් පුද්ගලයෙකු, හෝටලයේ කළමනාකරු සහ එහි පිළිගැනීමේ නිලධාරී හට ‘මනුෂ්‍ය ඝාතනයක්’ යන චෝදනාව යටතේ නඩු පවරා ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් ඊට වරදකරුවන් වුවහොත් වසර පහක සිරදඬුවමක් ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම පුද්ගලයින් තිදෙනාට අමතරව හෝටල් සේවකයෙකුට සහ ප්‍රදේශයේ වේටර්වරයෙකුට ද චෝදනා එල්ලව ඇති බව සඳහන්.

ඔවුන් චෝදනා ලැබ ඇත්තේ ‘පේන් හට කොකේන් සැපයූ බවට’ වන බවයි දැක්වෙන්නේ.

එම දෙදෙනාව ඔවුන්ගේ නඩු විභාගයට පෙර සිරගත කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇති අතර ඔවුන්ට වසර 15ක් දක්වා සිරදඬුවම් නියම විය හැකි බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තාවන්ට අනුව, චෝදනා ලද පාර්ශ්වයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ වෘත්තීය භූමිකාවෙන් ඔබ්බට අනන්‍යතා හෙළිකර නැහැ.

World News