Latest News

ඉතියෝපියාවේ ට්‍රක් රථයක් ගඟකට පෙරළෙයි – පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතියෝපියාවේ – බෝනා ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් ගඟකට පෙරළීමෙන් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර, පිරිමි පුද්ගලයින් 68 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු ඇතුළත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

අනතුරට පත්වූ ට්‍රක් රථයේ අධික ලෙස මගීන් ප්‍රවාහනය කර තිබීම අනතුරට හේතුව බවයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

2018 වසරේ ඉතියෝපියාවේ උතුරු කඳුකර ප්‍රදේශයේ බස් රථයක් බෑවුමකට වැටීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබුණා.

World News

Send your contact Details Today