Latest News

දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් යානයක් හදිසියේම යළි ගොඩබස්වයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ – ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ ජේජු ගුවන් සේවයට අයත් යානයක් හදිසියේම යළි ගොඩබස්වා තිබෙනවා.

ඒ ගොඩ බෑමේ ආම්පන්න සම්බන්ධයෙන් මතු වූ දෝෂයක් හේතුවෙන්.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානය තුළ සිටි මගීන් 161 දෙනා සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ගොඩ බැස්වූ අතර, ඔවුන් සියලු දෙනා සුරක්ෂිත බවයි.

ඊයේ දිනයේත් ජේජු ගුවන් සේවයට අයත් මෙම මාදිලියේම යානයක් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමේදී අනතුරට ලක් වු අතර ඉන් මගීන් 179 දෙනෙකු මිය ගියා.

World News

Send your contact Details Today