අසර්බයිජාන මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන ජනාධිපති ඉලම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබෙනවා.
ඒ, එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශන වලින් අනාවරණය වීමත් සමඟයි.
අනතුරින් තුවාල ලැබු මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින්ට මෙන්ම අනතුරින් හානි වු භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
අසර්බයිජාන ජනාධිපතිවරයා පවසන්නේ, ඊට වගකිවයුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි.
පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියා.