Latest News

දකුණු කොරියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළක ගුවන් යානා අනතුරක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණා.

යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර, එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

World News

Send your contact Details Today