හිස්බුල්ලා සංවිධානයට අයත් යුද උපකරණ විශාල තොගයක් තමන් අත්පත් කර ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා.
දකුණු දිග ලෙබනනයේ සිදු කළ යුද මෙහෙයුම් හරහා මෙම ආයුධ තොගය අත්පත් කරගෙන තිබෙනවා.
ගිණිඅවි හා ඉලෙක්ට්‍රෝනික යුදෝපකරණ ඇතුලු 85,000කට අධික ආයුධ තොගයක් ඊට අයත්.
දකුණු දිග ලෙබනනයේ ගම්මාන 30කට අධික සංඛ්‍යාවක තම හමුදා මෙහෙයුම් සිදුකළ බව ඊශ්‍රායලය පවසනවා.
ආර් පී ජී වර්ගයේ රොකට් ලොන්චර්ස් 7,000කට ආසන්න සංඛ්‍යාවක් , මිසයිල 2,500කට අධික සංඛ්‍යාවක් , වාහන 20ක් , ගුවන් යානා නාශක මිසයිල 60ක් , ඉලෙක්ට්‍රෝනික උපාංග 61,000කට ආසන්න සංඛ්‍යාවක් , සැහැල්ලු ගිණිඅවි 2,700ක් හා අක්‍රීය ගිණිඅවි 3,000කට ආසන්න සංඛ්‍යාවක් එම තොගයට අයත්.