Latest News

“Tansuo 3” නමැති විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල ගමන අරඹයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය විසින් ස්වාධීන ව නිර්මාණය කර ඉදි කරන ලද “Tansuo 3” නමැති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත වන අතර, මෙය, සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණ සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, සංයෝගාත්මක විද්‍යා ගවේෂණ නෞකාවයි.

“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණ වනවා.

මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුව ඇත්තේ චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්වවිද්‍යාලයන් හි දායකත්වයෙන්.

නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම් යටතේ අධි නිරවද්‍ය ගතික ස්ථානගත කිරීමේ පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු දුෂ්කරතා ජය ගනිමින් ඒවායේ ඒකාධිකාරී අවහිරයන් බිඳදැමීමට සමත්ව තිබෙනවා.

මෙමඟින් චීනයේ මිනිසුන් සහිත ගැඹුරු කිමිදුම්, පූර්ණ මුහුදු ගැඹුරු පරාසයේ පමණක් නොව, සමස්ත ගෝලීය මුහුදු කලාපයේ ද ගවේෂණ සිදු කිරීමට හැකි වීම ද විශේෂත්වයක් වනවා.

World News

Send your contact Details Today