Latest News

සිඩ්නි සිට හෝබාර්ට් දක්වා යාත්‍රා තරගයකදී දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට හොබාර්ට් දක්වා වාර්ෂිකව පැවැත්වෙන රුවල් ඔරු යාත්‍රා ධාවන තරඟයට සහභාගී වූ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුවල් පතුලට තිරස් අතට සවි කර ඇති විශාල කණුවක වැදීමෙන් මෙම කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාම මිය ගොස් ඇති බවයි තරග සංවිධායකයින් පවසා ඇත්තේ.

මෙම සිදුවීම් ෆ්ලයිං ෆිෂ් ආක්ටෝස් සහ බෝලයින් යාත්‍රාවල සිදුව තිබෙනවා.

සිඩ්නි වරායෙන් ගමන් ආරම්භ කළ පළමු බෝට්ටු සිකුරාදා පස්වරුවේ හෝ සෙනසුරාදා අලුයම ටැස්මේනියාවේ හොබාර්ට් නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් කිහිප දෙනෙකු තරගයට සහභාගී නොවීමට තීරණය කර තිබුණා.

1945 වසරේ සිට පැවත එන මෙම සිඩ්නි සිට හොබාර්ට් දක්වා ගමන ඕස්ට්‍රේලියානු සම්ප්‍රදායක්.

නමුත් මෙම ප්‍රීතිමත් කාලයකදී ජීවිත දෙකක් අහිමි වීම හද කම්පා කරවන සුළු බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බේනිස් පවසා තිබෙනවා.

World News

Send your contact Details Today