නෝර්වේ රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් තුන් දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නෝර්වේ රාජ්‍යයේ වයඹ දිග වෙරළ තීරයේ හැඩ්සල් දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුවුණේ පස්වරු 13:30 පමණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බස් රථය පාරෙන් ඉවතට ගොස් ඇස්වට්නෙට් විලට වැටී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 58 දෙනෙකු ගමන් කළ බවටයි වාර්තා වන්නේ.
නෝර්වීජියානු රතු කුරුස සංවිධානය පවසන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් එහි යවා ඇති බවයි.
එම ප්‍රදේශයේ දැඩි හිම පතනයක් හා තද සුළං ද පවතින බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.