අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (27) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, මහජන ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහය බොරැල්ලේ පොදු සුසාන භූමියට ගෙනයනු ලබනවා.
ඒ අනුව සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙරට රසික සිත් වශී කළ ගීත රැසක හිමිකරුවා වූ ප්රවීණ ගායන ශිල්පි ප්රියා සූරියසේන මහතා පසුගියදා අභාවප්රාප්ත වුණා.
ඒ , කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයී.
මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 80ක්.
පසුගිය දින කිහිපය පුරාම කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු රසික රසිකාවියන් විශාල පිරිසක් ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.