Latest News

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පිරිසකට දිවි අහිමි වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (26) අලුයම ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු, පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

ප්‍රහාරවලින් හානි වූ ගොඩනැගිලි සුන්බුන් ආශ්‍රිතව ද බොහෝ පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මාධ්‍යවේදීන් පස්දෙනා මියගොස් ඇත්තේ, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් හි අල්-අව්ඩා රෝහල ආසන්නයේදී බව සඳහන්.

පලස්තීන මාධ්‍ය වාර්තාවන්ට අනුව, අදාළ මාධ්‍යවේදීන් පිරිස නුසෙරාට් කඳවුර තුළ සිට වාර්තා කිරීමට පැමිණි ‘Al-Quds Al-Youm’ රූපවාහිනි සේවයේ පිරිසක්.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ, තම ගුවන් හමුදාව වාහනයට “ඉලක්කගත ආකාරයෙන්” ප්‍රහාර එල්ල කළ බවත්, ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයන් එහි සිටි බවයි.

World News

Send your contact Details Today