Latest News

හයිටි රෝහලක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටේ විශාලතම මහජන රෝහල නැවත විවෘත කිරීම නිවේදනය කිරීමේ සාකච්ඡාවක් අතරතුර, සන්නද්ධ පිරිසක් විසින් කළ වෙඩි තැබීමක් සම්බන්ධ පුවතක් හයිටි‍යෙන් වාර්තා වනවා.

මෙලෙස වෙඩි තබා ඇත්තේ මාධ්‍යවේදීන්, පොලිසිය සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කරගෙන බව සඳහන්.

වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු වන බව සඳහන්.

වෙඩි තැබීම ආරම්භ වන විට මාධ්‍යවේදීන් බලා සිට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය ලෝර්ත් බ්ලෙමා පැමිණෙනතුරුයි.

Port-au-Prince හි මහ රෝහල ලෙස ප්‍රකට රෝහල් පරිශ්‍රයට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

නගරයේ වැඩි ප්‍රදේශයක් පාලනය කරන ප්‍රචණ්ඩ කල්ලි විසින් අත්පත් කර විනාශ කිරීමෙන් පසු ජූලි මාසයේදී මෙම ස්ථානය හයිටි රජය විසින් නැවත අත්පත් කරගනු ලැබුවා.

World News

Send your contact Details Today