නත්තල් ගසක් ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිරියාවේ විරෝධතා රැසක් ආරම්භ වී තිබෙනවා.
ඒ, සුළු ජාතීන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස නව ඉස්ලාමීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින්.
සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවලට අනුව, අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ මධ්‍යම සිරියාවේ ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන නගරයක් වන Suqaylabiyah වෙතින්.
මෙලෙස ගිනි තබා ඇත්තේ එහි ප්‍රධාන චතුරශ්‍රයේ වූ නත්තල් ගසයි.
සිරියාවේ කිතුනුවන් නත්තල් සැඳෑව සැමරීමට සූදානම් වීමට පෙර දින රාත්‍රියේ වෙස්මුහුණු පැළඳගත් පිරිසක් නත්තල් ගසට කිසියම් දියරයක් ඉසින ආකාරයක් සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවල දැක්වෙනවා.
නමුත්, ඔවුන් ගින්න නිවා දැමීමට උත්සාහ කළා ද නැතහොත් එය පැතිරවීමට කටයුතු කළා ද යන්න පැහැදිලි නැහැ.
අනතුරුව වීඩියෝපටවලින් පෙන්නුම් කරන්නේ පාලක HTS කැරලිකාර කණ්ඩායමේ ආගමික පාර්ශවයේ චරිතයක් විසින්, උදෑසනට පෙරාතුව ගස අලුත්වැඩියා කරන බවට Suqaylabiyah හි රැස්ව සිටි පිරිසට සහතික වන ආකාරයයි.
ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කළ කැරැල්ලට නායකත්වය දුන් ප්‍රධාන ඉස්ලාමීය කණ්ඩායම වන හයාට් ටරිර් අල්-ෂාම් (HTS) සඳහන් කරන්නේ, සිදුවීම සම්බන්ධයෙන් විදේශීය සටන්කරුවන් පිරිසක් රඳවාගෙන ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, HTS නියෝජිතයන් සිරියාවේ ආගමික සහ වාර්ගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමට පොරොන්දු වී තිබෙනවා.