Latest News

පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර – 15ක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයට, පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (24) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් ලාමන් ඇතුළු ගම්මාන හතක් ඉලක්ක කර ඇති අතර, එහි දී එකම පවුලක පස් දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර මාලාව පාකිස්ථාන ගුවන් හමුදාවේ ප්‍රජාරක ජෙට් යානා යොදාගෙන සිදු කර තිබෙන බව වාර්තා කරන එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

බර්මාල් හි මුර්ග් බසාර් ගම්මානය ප්‍රහාර හමුවේ දැඩි විනාශයකට මුහුණ දී ඇති බවයි.

ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට බරපතල හානි සහ පුලුල් විනාශයක් සිදුවී ඇති අතර, කලාපයේ ආතතීන් තවදුරටත් උත්සන්න කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බර්මාල්, පක්ටිකා වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිඥා දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

World News

Send your contact Details Today