Latest News

විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙන් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබුවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති උත්සවයකදී රෝමානු කතෝලිකයන් සඳහා විශේෂ ජුබිලි වර්ෂය මෙසේ ආරම්භ කළා.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ ගඩොලින් තැනූ ශුද්ධ වූ ද්වාරයයි මෙලෙස විවෘත කෙරුණේ.

ජුබිලි වර්ෂය එළැඹෙන්නේ සෑම වසර 25කට වරක්.

ලොව පුරා මිලියන 30කට වැඩි වන්දනාකරුවන් පිරිසක් රෝමයට පැමිණ මෙම ද්වාරය හරහා ගොස් ඔවුන්ගේ පව් සමාකර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

World News

Send your contact Details Today