තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරගයක් පසුගිය 21 වැනිදා පැවැත්වුණු අතර එහිදී වයස අවුරුදු 90 ක පාර්කින්සන් රෝගයෙන් පෙළෙන ආච්චි අම්මා කෙනෙකු කිලෝ ග්‍රෑම් 35 ක් සිනාමුසු මුහුණින් ඉණ ළඟට ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස කිලෝ ග්‍රෑම් 35 එසවූ ක්‍රීඩිකාව නමින් චෙන්ග් චෙන් චින් මෙයි නම් මිත්තණියක් වනවා.
පාර්කින්සන් රෝගයෙන් පෙළෙන චින් මෙයි බර ඉසිලීමේ ක්‍රීඩාවට 2023 වසරේ පිවිස තිබෙන බවයි වාර්තා වන්නේ.
තමා පර්කින්සන් රෝගය පෙළෙන බව දැනගත් විට බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවීම සඳහා සිය මිණිපිරිය තමාව දිරිමත් කළ බව චින් මෙයි පවසා තිබෙන බව එම මාධ්‍ය වාර්තා කරනවා.
එම තරගය වට තුනකින් සමන්විත වී ඇති අතර එහිදී චින් මෙයි උපරිම කිලෝ ග්‍රෑම් 45 ක් බරක් ඔසවා තිබෙන බවයි සඳහන් වන්නේ.