Latest News

TikTok සඳහා ඩොනල් ට්‍රම්ප්ගෙන් අවසරයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව අතිශය ජනප්‍රිය කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය (22) දා ඇරිසෝනාහි පැවති සමුළුවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

එහිදී ඩොනල් ට්‍රම්ප් පවසා ඇත්තේ, තම රට තුළ ද TikTok වේදිකාව මත බිලියන ගණනක දර්ශන සහිතව ඉහළ ප්‍රතිචාර ලබා ඇති බැවින්, ඇතැම් විට අප එය තවත් යම් කාලයක් පවත්වා ගැනීමේ වටිනාකමක් ඇති බවයි.

TikTok මෘදුකාංගයේ මව් සමාගම වන ByteDance සමාගම විසින් දින 270 ක් තුළ, චීන නොවන සමාගමකට TikTok අලෙවි කළ යුතු බවත්, නොඑසේ නම් ඇමරිකාවේ එම මෘදුකාංගය තහනම් කෙරෙනු ඇති බවත් සඳහන් වන පනතක් පසුගිය අප්‍රේල් මාසයේදී එරට කොංග්‍රසය විසින් සම්මත කළ අතර ඊට ජනාධිපති ජෝ බයිඩ්න් ද අත්සන් තැබූ බව වාර්තා වුණා.

එමෙන්ම මෙම මස 16 වැනිදා, TikTok මෘදුකාංගයට එරෙහිව ඇමරිකානු රජයේ බලහත්කාරී විකුණුම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි නියෝගයක් ද කර තිබූ බව සඳහන්.

එම බලහත්කාරී විකිණීමේ නියෝගය ව්‍යවස්ථා විරෝධී ද යන්න පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 18 වන දා ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today