Latest News

බ්‍රසීලයේ ගංගාවකට සල්ෆියුරික් අම්ලය මිශ්‍ර වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ උතුරු සහ ඊසානදිග ප්‍රදේශවල ප්‍රාන්ත දෙකක් සම්බන්ධ කරන පාලමක් කඩා වැටී තිබෙනවා.

අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර සල්ෆියුරික් අම්ලය ප්‍රවාහනය කරමින් පාලම මතින් ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක ටැංකියක් ද ගඟට වැටී තිබෙනවා.

බ්‍රසීලයේ මරන්හාඕ ප්‍රාන්තයේ එස්ට්‍රෙයිටෝ නගර සහ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ අගුවර්නොපොලිස් සම්බන්ධ කරන මීටර් 533 (සැතපුම් 0.3) මෙම පාලම භාවිත කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති නිසා එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට නගර සභා මන්ත්‍රීවරයෙක් වීඩියෝවක් පටිගත කරමින් සිටින විටම මෙම පාලම කඩා වැටී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ වන විට ටොකැන්ටින්ස් ගඟට සල්ෆියුරික් අම්ලය කාන්දු වී තිබීම ගැටළුවක් බවයි බලධාරීන් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today